ලාෆ්ස් , ලිට්රෝ ගෑස් මිල පහළට
Friday, 03 May 2024 - 10:05 | Views - 1,199

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3940 ක්.
එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 70කින්. එහි නව මිල රුපියල් 1582ක් වනවා.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 740ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32කින්.
ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් සැළකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදු කෙරෙන බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ.
-------------------------------------------------------
LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 3840ක් ලෙසයි.
මේ අතර 5kg සිලින්ඩරය රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ 1542ක් බවයි එම සමාගම තීරණය කර ඇත්තේ.
Share This Article