සියලු පාසල් අද වැසෙයි - යළි ආරම්භ වන්නේ මෙදාටයි
Friday, 03 May 2024 - 7:57 | Views - 580
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (03) දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් මැයි මස 20 වනදා යළි ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා ආරම්භ වන අතර, එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවද සඳහන්.
Share This Article