පළාත් හතක ජනතාවට අනතුරු ඇඟවීමක්..
Thursday, 02 May 2024 - 15:20 | Views - 867
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුර, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් උපදේශාත්මක නිවේදනයක් අද (02) නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, ඉහත සඳහන් කළ ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය, අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇතැයි සඳහන්.
දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, අඛණ්ඩ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඬු පෙරලීම ඇති විය හැකි බවට දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
Share This Article