''ලොකු පුතා දොර වහන්න ගියා විතරයි, එකපාරම ගේ ඇතුළට ගිනි බෝලයක් වගේ ආවා. පොඩි දුවයි ලොකු පුතයි එකවරම බිම ඇද වැටුණා."
Wednesday, 01 May 2024 - 18:17 | Views - 675
රත්තොට, දන්කන්ද, වැල්ගාගයායේ නිවෙසකට පතිතවූ අකුණු සැරකින් එම නිවෙසේ සිටි එකම පවුලේ සහෝදරියකට සහ සහෝදරයෙකුට පෙරේදා රාත්‍රි දිවි අහිමි වුණා.

වයස අවුරුදු 23ක් වන එන්.ඒ.ජී.ඩී. ප්‍රබෝධ ගුණරත්න සහ වයස අවුරුදු 12ක් වන එන්.ඒ.ජී.ඩී. ඕෂධි ගුණරත්න යන සහෝදරයාත් සහෝදරියත් මෙසේ මියගොස් තිබුණා.

මෙසේ අකුණු සැරෙන් මියගොස් තිබුනේ එම පවුලේ වැඩිමහල් පුතා සහ බාල දියණියයි.

අකුණු සැර නිවෙසට පතිතවන විට මිය ගිය සහෝදරයාත් සහෝදරියත් හැරුණු කොට පවුලේ මද්දුමයා වන තවත් සහෝදර‍යකුත් පියාත් සිට ඇති අතර ඔහුනට අකුණු සැරෙන් හානියක් සිදුව තිබුනේ නැහැ.

මෙම අකුණු සැර නිවෙසට පතිත වී ඇත්තේ ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවක් ද සමඟිනි.

අවට නිවාස රැසක විදුලි මීටර් හා විදුලි බල්බ් මෙන්ම රූපවාහිනී ඇතුළු විදුලි උපකරණවලට මෙම අකුණු සැරෙන් හානි වී ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරනවා.

අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දෙදෙනා රත්තොට රෝහල වෙත ඇතුළත් කර තිබු අතර ඔහුන් රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් තිබු බව පොලිසිය පවසනවා.

"මම රාත්‍රී කෑම සාදා පොඩි දුවට කවා අනික් පුතාලා දෙන්නටත් කන්න කියලා පොඩි දුවත් සමඟ ගෙදර සාලයට ගියා. ලොකු පුතා දොර වහන්න ගියා විතරයි, එකපාරම ගේ ඇතුළට ගිනි බෝලයක් වගේ ආවා. පොඩි දුවයි ලොකු පුතයි එකවරම බිම ඇද වැටුණා." යැයි මෙම අනතුරින් මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන එන්.ඒ. ගුණරත්න පවසනවා.

''එදින සවස පහට පමණ අකුණු ගසමින් විශාල වැස්සක් අප ප්‍රදේශයට පතිත වුණා. ඒ නිසාම මම කලින් රෑට කන්න බත් ටික හැදුවා පොඩි දුව බඩගිනියි කියපු නිසා මම ඇයට කන්න දුන්නා. මගේ බිරිය ඇඟලුම් කම්හලක වැඩ කරන්නේ. ඇය එද්දි රෑ වෙන හින්දා හැමදාම මම තමයි උයන්නේ මටත් කොහෙවත් යන්න එන්න බෑ මගේ කකුලක් පණ නැති වෙලා හින්දා.

වෙනදා වගේම ලොකු පුතයි දෙවැනි පුතයි පොඩි දුවයි හවස නිවෙසේ කතා කර කර හිටියා. දෙවැනි පුතා කාමරයට ගිහින් හිටියේ වැස්සයි අකුණු සැරයි නිසා. කලින්ම කාලා නිදාගන්න කියලා මම කට්ටියට කීවා. ඒත් පුතාලා දෙන්න පස්සේ බත් කන්නන් කිව්ව නිසා පොඩි දුවට මම බත් කැව්වා.

අනේ මහත්තයෝ අපි හරි අසරණයි අපිට රජයෙන් කියල කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. මම අබ්බගාතයි නෝනා ගාමඩ් ගිහිල්ලා හම්බ කරන එකෙන් තමයි අපි හතර දෙනාම ජීවත් වෙන්නේ. අපි මොන වරදක් කළාට ද මෙහෙම දෙයක් වුණේ" යැයි හැඩූ කඳුලින් ගුණරත්න මහතා වැඩිදුරටත් පවසනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top