අද පැවැත්වෙන සියලු මැයි දින පෙළපාලි හා රැළි ගැන තොරතුරු මෙතනින්.. (Live)
Wednesday, 01 May 2024 - 14:31 | Views - 713
සමගි ජන බලවේගය සමගි ජන සන්ධානයේ මැයි රැළිය අද (01) පස්වරු 3.00ට කොළඹ කොටුව චැතැම් වීදීයේදී පැවැත්වීමට නියමිතයි.

සමගි රටක් - අනගි හෙටක් යන්න මෙවර එහි තේමාවයි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය කොළඹ පහළ චැතැම් වීදියේදී අද පැවැත්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එම මැයි රැළියට සහභාගී වීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට ජනතාව පැමිණියේ මෙලෙසින්.

අද පස්වරු 1.00ට AE ගුණසිංහ ක්‍රීඩාංගනයෙන් මැයි දින පෙළපාලිය ආරම්භවන අතර, පස්වරු 3.00ට මැයි දින රැළිය ආරම්භ වීමට නියමිතයි.

සමගි රටක් - අනගි හෙටක් යන්න මෙවර සමගි ජන සන්ධාන මැයි රැළියේ තේමාවයි.

මීට අමතරව, සමගි ජන සන්ධානය අද (01) පෙරවරුවේ වතුකරයේ ද මැයි රැළියක් සංවිධාන කර තිබුණා.

තලවකැලේ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති මෙම මැයි දින රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සහභාගී වුණා.

--------------

මේ අතර, තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැළි සංවිධානය කර තිබෙනවා.

---------------


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය අද පස්වරු 3.00ට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

දිනන රටක් - එක ගමනක් යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දිනයේ තේමාවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය සඳහා සහභාගී වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව අද (01) උදෑසන සිට පැමිණෙන අයුරුද දක්නට ලැබුුණා. 

--------------

රට හදන විසඳුමට - ජන බලය එක පෙළට යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ කොළඹ රැළිය විහාරමහාදේවී උද්‍යානය අසල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවතේදී පැවැත්වෙනවා.










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top