පෙම්වතිය හමුවීමට ගොස් අතුරුදන් වූ තරුණයා ගැන තවමත් තොරතුරක් නැහැ, සැකකරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි ?
Wednesday, 01 May 2024 - 9:48 | Views - 400

සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගොස් අතුරුදන් වී සිටින තරුණයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව කුලියාපිටිය පොලිසිය සඳහන් කරනවා.අදාළ සිදුවීමෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 8 යන වයස්වල පසුවන සහෝදරියත්, සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත් නැගණියගේ සැමියාත් පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.එමෙන්ම මෙසේ අතුරුදන්ව සිටින තරුණයාගේ අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගිය බවටද ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.අදාළ තරුණයාව සිය දියණිය මාර්ගයෙන් පියා විසින් සිය නිවසට ගෙන්වාගෙන ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනාරණය වී ඇත්තේ.එහිදී තරුණියගේ පියා විසින් ඔහුට හිතවත් දෙදෙනෙකු ද නිවසට ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.නමුත් පොලිසිය ඔවුන් හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම තරුණයාගේ ජීවිතයට කිසිදු හානියක් නොකළ බවයි.කෙසේ වෙතත්, ඔහුව මෝටර් රථයක දමාගෙන දේශපාලනඥයකුගේ නිවසට රැගෙන ගිය බවට ඔවුන් දෙදෙනා පොලිසිය හමුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.සැකකාර මෙම පුද්ගලයින් දෙදෙනා පවසනුයේ සත්‍යයක් දැයි යන්න වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.කෙසේ නමුත්, මේ වනවිට අදාළ දේශපාලනඥයා හා ඔහුගේ පවුලේ පිරිස් ද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
තවද , කුලියාපිටිය,වෙරළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන වෑන් රථයක් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිසිය, මහජන සහාය පතා තිබෙනවා.
පහතින් දැක්වෙන , වෑන් රථය හා සැකකරුවන් ගැන යම් තොරතුරක් වෙතොත් පොලිසියට දැනුම්දෙන ලෙසයි සඳහන් වන්නේ.
දැනුම්දීය යුතු දුරකථන අංක වන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිය - 0718591260
ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය - 0773528325


Share This Article