සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක් - හදිසි තත්ත්වයකදී කරන්න ඕන දේ මෙන්න..
Wednesday, 01 May 2024 - 8:31 | Views - 333
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි..
ඒ වගේමයි මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර, වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම අනිද්දා (03) සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම, වර්ෂාව හේතුවෙන් සිසුවෙකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අපහසුතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව '117' ක්ෂණික දුරකතන අංකය අමතා දැනුම් දිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා..
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 459,979ක් පෙනී සිටින අතර, විභාග මධ්‍යස්ථාන 3527කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා..
Share This Article