ජාත්‍යන්තර කම්කරු දිනය අදයි !
Wednesday, 01 May 2024 - 7:11 | Views - 312
ජාත්‍යන්තර කම්කරු දිනය අද මැයි මස (01) දිනට යෙදී තිබෙනවා.

ලෝකය පුරා බොහෝ රටවල 'මැයි දිනය' ලෙස අද දින හැඳින්වේ.

එය කම්කරුවන් සහ කම්කරු ව්‍යාපාරය විසින් කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීමේ දිනයක් වේ.

ජාත්‍යන්තර කම්කරු දිනය බොහෝ විට යෙදී තිබෙන්නේ, සෑම වසරකම මැයි 01 දිනකයි.

1889 දී ජාත්‍යන්තර සමාජවාදී කණ්ඩායම් සහ වෘත්තීය සමිති සම්මේලනයක් විසින් චිකාගෝ හි හේමාර්කට් කෝලාහලය (1886) සැමරීම සඳහා කම්කරුවන්ට සහාය දැක්වීමේ දිනයක් ලෙස මැයි 1 දිනය නම් කර ඇති අතර,

20 වැනි සියවසේ අගභාගයේදී සෝවියට් සංගමය බිඳ වැටීමත්, නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් ආණ්ඩු බිඳ වැටීමත් සමඟ එම කලාපයේ මහා පරිමාණ මැයි දින සැමරුම් දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා ගන්නා විට එම සැමරුමේ මූලික අරමුණු වියැකී ගිය බවද සඳහන්.

කෙසේ වෙතත්, ලොව පුරා රටවල් බොහෝමයක, මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගෙන තිබෙනවා.

එබැවින් කම්කරුවන්ට සහය දැක්වීම සඳහා පෙළපාලි සහ රැලි සඳහා එම දිනය වෙන් වන අතර විනෝද චාරිකා සහ සාද සමඟින් ද මෙම දිනය සමරනු ලබනවා.

මෙවර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මැයි රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අද දිනයේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අද පෙරවරු 11න් පසු කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.

මෙවර සංවිධාන කර ඇති මැයි රැළි සහ පෙළපාලි අතරින් 14ක්ම කොළඹ නගරය ආශ්‍රිතව සංවිධාන කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේයි.

යළි නොවැටෙන අභිමානවත් රටක් යන තේමාව යටතේ එම රැළිය පැවැත්වෙන්නේ පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය කොළඹ පහළ චැතැම් වීදියේදී පැවැත්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙවර සමගි ජන සන්ධාන මැයි රැළියේ තේමාව සමගි රටක් - අනගි හෙටක් යන්නයි.

මීට අමතරව වතුකරයේ ද මැයි රැළි දෙකක් සංවිධාන කිරීමට සමගි ජන සන්ධානය පියවර ගෙන තිබෙනවා.

දිනන රටක් - එක ගමනක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයී.

රට හදන විසඳුමට - ජන බලය එක පෙළට යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ කොළඹ රැළිය විහාරමහාදේවී උද්‍යානය අසල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවතේදී පැවැත්වෙනවා.

ඊට අමතරව යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදී ද එම පක්ෂය මැයි රැළි සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය විසින් සංවිධාන කරන මැයි රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ, රට රකින ජන පවුර යන තේමාව යටතේයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වෙනවා.

ඒ, වැඩකරන ජනතාවනි, IMF මර උගුල හා ඉන්දියානු විජිතකරණය පරදමු යන තේමාව යටතේයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top