සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැතුවම සිසුන් දැන් උසස් පෙළට ,
Tuesday, 30 April 2024 - 11:10 | Views - 398
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම එම විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව, ජුනි මුල් සතියේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.
පසුගිය කොවිඩ් සමයේ පාසල් වසා තැබීම හේතුවෙන්, අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ එලෙස කටයුතු කරන බවද , එහිදී සා. පෙළ ප්‍රතිඵල ලැබීමට පෙර සිසුන් හට උසස් පෙළ පන්තියේ ඉගෙනීමට අවස්ථාවද සැළසෙනු ඇති.
මෙහිදී වැඩිදුරටත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ විස්වාසය මත ලැබීමට අපේක්ෂා කරන ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමින් ඉදිරි ඉගනීම ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
Share This Article