කලර් ලයිට් අසල ඉන්න යාචකයන් ට සල්ලි දුන්නොත් වැඩ වරදින්නයි යන්නේ..
Tuesday, 30 April 2024 - 10:23 | Views - 453
මාර්ග සංඥා ලාම්පු අසල සිඟමනේ යෙදුන 94 දෙනෙකු පසුගිය දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, ඇතැම් යාචකයන් ඔවුන්ට මුදල් ලබා නොදෙන වාහන, යකඩ කම්බිවලින් සීරීම හා වීදුරුවලට හානි කිරීම වැනි සිද්ධීන් ද වාර්තා වී ඇති බවයි.
චක්‍රලේඛණ මගින් පොලිස් ස්ථාන දැනුවත් කර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව සඳහන්.
නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේ, මෙලෙස යාචකයන් අත්අඩංගුවට ගත්ත ද පවතින නීතිමය තත්ත්වය අනුව ඔවුන්ව වැඩිකලක් රඳවා ගැනීමට නොහැකි බවයි.
මාර්ග සංඥා ලාම්පු අසල සිඟමන් යදින යාචකයන්ට මුදල් ලබා දෙන පිරිසට එරෙහිව ද ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බව ඊයේ(29) පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් සදහන් කළා.
Share This Article