ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට..
රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, කාරක සභා අවස්ථාවේදී සංශෝධන හතරකට යටත්ව මෙම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබෙන බව සඳහන්.
දීර්ඝ කරන ලද පොලිස් රඳවා තබාගැනීම් පිළිබඳ වගප්‍රස්තීවලට අදාළ වෙනස්කම් සහ අධීක්ෂණ බලතල සඳහා අභියාචනාධිකරණය වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය ආදේශ කිරීම ඇතුළු සංශෝධන ඒ අතර වන බවයි කථානායකවරයා සඳහන් කළේ.