උතුරු කොරියාවෙන් යළිත් මිසයිල ප්‍රහාරක අත්හදා බැලීමක් බවට සැක..
Wednesday, 04 November 2026 - 11:45 | Views - 34
උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශය දෙසට හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් දියත් කර ඇති බව දකුණු කොරියාව පවසනවා.

දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (04) මේ බව නිවේදනය කර ඇති අතර, එය උතුරු කොරියාව විසින් සිදුකරන ලද නවතම මිසයිල අත්හදා බැලීමක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රක්ෂේපණය කුමන වර්ගයකට අයත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, පසුගිය මාසයක කාලය තුළ උතුරු කොරියාව සිදුකළ සිව්වැනි මිසයිල අත්හදා බැලීම මෙය විය හැකි බව සඳහන්.

උතුරු කොරියාව මෙම වසර තුළ අවස්ථා කිහිපයකදී මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති අතර, කිලෝමීටර් 900කට වැඩි දුරක් ගමන් කළ මිසයිලයක් මෙන්ම අධිධ්වනි මිසයිල ද ඒ අතර වනවා.

මූලාශ්‍රය : රොයිටර්ස්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top