හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය , වයස අවුරුදු 13න් පහළ කාන්තා මීටර් 200 ඉසව්වේ මූලික තරගයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයට
Wednesday, 04 November 2026 - 11:35 | Views - 61
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන 55 වැනි හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ කාන්තා මීටර් 200 ඉසව්වේ මූලික තරගයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයට හිමිවුණා.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 1,100ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතව සිටිනවා.
වයස අවුරුදු 15ට අඩු වයස් කාණ්ඩ 4ක් යටතේ තරග ඉසව් පැවැත්වෙනවා.
එය මේ මස 7 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් ජාතික තලයටත්, ජාත්‍යන්තර තලයටත් ඔසවා තබන හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරග පසුගිය මාසයේදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා.
Share This Article