හිස් මත්පැන් බෝතල් සඳහා අයකළ තැන්පතු ගාස්තුව ඉහළට..
Wednesday, 04 November 2026 - 11:25 | Views - 38
හිස් මත්පැන් බෝතල් සඳහා අයකළ තැන්පතු ගාස්තුව ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.
මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාමට සාපේක්ෂව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ් අනුව මිලිලීටර් 750ක හිස් බෝතලයක් සඳහා මත්පැන් අලෙවිසැල් මඟින් මෙතෙක් අය කළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වාත්, භාග බෝතලයක් සඳහා අය කළ තැන්පතු මුදල රුපියල් 40 සිට රුපියල් 70 දක්වාත්, කාල බෝතලයකට අය කළ රුපියල් 20ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාද ඉහළ දමා ඇති බවයි මත්පැන් බලපත්රධාරින්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම සඳහන් කළේ.
Share This Article