අග්බෝ වන අලියා සොයා යුද හමුදාවෙන් විශේෂ මෙහෙයුමක්.. තිරප්පනේ වනගත ප්‍රදේශයේ පුළුල් සෝදිසියක්..
Monday, 19 October 2026 - 9:37 | Views - 40
අග්බෝ වන අලියා සොයා මෙහෙයුමක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ වනගත භූමිය තුළ අග්බෝ වන අලියා සොයා වනජීවී නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බලඇණියක් මෙහෙයුම්වල නිරතව සිටිනවා.

අග්බෝ වන අලියා කඩිනමින් සොයාගෙන එම සත්වයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුද හමුදා කණ්ඩායමක් වහාම යෙදවීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ නියෝග මත මෙම මෙහෙයුම අරඹා ඇත්තේ පරිසර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top