ලංකා ඉතිහාසයේ ප්‍රථම මගී ඩ්‍රෝන යානය දිවයිනට.. පළමු පියාසර වාරය කොළඹ වරාය නගරයෙන්..
Monday, 19 October 2026 - 9:31 | Views - 40
මෙරට ප්‍රථම මගී ප්‍රවාහන ඩ්‍රෝන යානය දිවයිනට පැමිණ ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

මෙම මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයේ පළමු පියාසර වාරය මෙම මාසය අවසානයේදී කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ඩ්‍රෝන යානය මගින් එක් වරකට මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර, විනාඩි 30ක කාලයක් අඛණ්ඩව පියාසර කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

ඩ්‍රෝන තාක්ෂණය මත පදනම් වූ ගුවන් යානා ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වාදීම වේගවත් කිරීම සඳහා EHang සමාගම විසින් දියත් කරන ලද “Global Fast Track Program” වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට මෙම විශේෂ අවස්ථාව හිමිවී තිබෙනවා.

මේ අනුව, මෙම මගී ඩ්‍රෝන යානාවල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරය නම් කර තිබෙන අතර සීගිරිය, පිදුරංගල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරකයන් සඳහා වන පියාසර වාර ආරම්භ කිරීමට ද සැලසුම් කරමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top