ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කෙරෙයි.. ප්රතිඵල බලන නිල වෙබ් අඩවිය මෙන්න.
2026 වසරේ පැවැත්වුණු පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ (Re-scrutiny) ප්රතිඵල මේ වන විට නිල වශයෙන් නිකුත් කර ඇති බව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www(ඩොට්)doenets(ඩොට්)lk වෙත පිවිසීමෙන් තමන්ගේ ප්රතිඵල ලබාගැනීමේ පහසුකම සලසා තිබේ.
විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් මෙම අලුත් කරන ලද ප්රතිඵල පහසුවෙන් පරීක්ෂා කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.