දිවයින පුරා විදුලි බිඳවැටීමේ තවත් දැවැන්ත බලපෑමක්.. අඹතලේ සහ බියගම ජල පවිත්රාගාරවල කටයුතු ඇණහිටී..
Saturday, 17 October 2026 - 15:37 | Views - 50
දිවයින පුරා හදිසියේ ඇති වූ විදුලි බිඳවැටීමේ බලපෑම හේතුවෙන් ප්රධාන පෙළේ ජල පවිත්රාගාර කිහිපයකම කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අඹතලේ සහ බියගම ජල පවිත්රාගාරවල ජල පවිත්රකරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා තහවුරු කළා.
රට පුරා හටගෙන ඇති මෙම හදිසි විදුලි අර්බුදය හමුවේ ජනතාවට අවශ්ය අඛණ්ඩ ජල සැපයුම පවත්වාගෙන යාමේදී යම් යම් බාධා මතුව ඇති අතර, විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් වීමත් සමඟම ජල පවිත්රාගාරවල කටයුතු ද යළි ආරම්භ කිරීමට නියමිතයි.
Share This Article