ලංකාවේ වාහන අංක තහඩු පද්ධතියේ දැවැන්ත වෙනසක් වෙන්න යයි.. ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අපූරු යෝජනාවක්..
Friday, 16 October 2026 - 18:27 | Views - 34
ශ්‍රී ලංකාවේ වාහන සඳහා දැනට භාවිත වන සාමාන්‍ය ලියාපදිංචි අංක වෙනුවට, පුද්ගලික නමක් හෝ ව්‍යාපාරයක නමක් ඇතුළත් කළ හැකි විශේෂ අංක තහඩු හඳුන්වාදීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, වාහන හිමියන්ට සාමාන්‍ය ලියාපදිංචි අංකය වෙනුවට තමන්ගේ නම හෝ ව්‍යාපාරයේ නම ඇතුළත් කළ විශේෂ අංක තහඩු ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

එමෙන්ම, රජයට අමතර ආදායමක් උපයා ගැනීමේ අරමුණින් විශේෂ වාහන ලියාපදිංචි අංක හඳුන්වාදීම සහ වාහන හිමියන්ට වැඩි තෝරාගැනීමේ අවස්ථා ලබාදීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර ඊට අදාළ තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක කරුණු පිළිබඳව පුළුල් ඇගයීමක් සිදුකළ යුතු බව නිලධාරීන් අවධාරණය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් වැඩිදියුණු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම සාකච්ඡා සිදුකර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top