සජිත්ගෙන් 'කාවන්තිස්ස' ඇතුට හාදුවක්.. ඇතුගේ සුවදුක් බැලීමට විපක්ෂ නායකතුමාත් පැමිණෙයි..
රෝගාතුරව ගල්ගමුව, උස්ගල සියඹලංගමුව ප්රදේශයේ වෙල්යායක වැටී සිටින කාවන්තිස්ස ඇතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද (16) එම ස්ථානයට පැමිණියා.
දින කිහිපයක සිට රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතා වෙල්යායක වැටී සිටින අයුරු දැකබලා ගැනීමට විශාල ජනතාවක් ද එම ස්ථානයට පැමිණ සිටි බව සඳහන්.
මේ අතර, ඇතාට ප්රතිකාර කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් සමඟ පොලිසිය, යුද හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන ද එක්ව සිටියා.
ඊයේ දිනයේදී ද ඇතාට ප්රතිකාර කර ඇති අතර, එම ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස බිම ඇදවැටී ඇති බව සඳහන් වනවා.
කෙසේ වෙතත්, අද සවස් කාලය වන විට කාවන්තිස්ස ඇතාගේ තත්ත්වය සාමාන්ය සුව අතට හැරී තිබූ බව වාර්තා වනවා.