කාවන්තිස්ස ඇතාට විශේෂඥ වෛද්‍ය සැලැස්මකට අනුව ප්‍රතිකාර.. අවශ්‍ය වුවහොත් විදේශීය වෛද්‍ය සහාය ලබාගැනීමටත් පියවර..
Friday, 16 October 2026 - 17:01 | Views - 36
කාවන්තිස්ස ඇතාට විශේෂඥ වෛද්‍ය සැලැස්මකට අනුව ප්‍රතිකාර.. අවශ්‍ය වුවහොත් විදේශීය වෛද්‍ය සහාය ලබාගැනීමටත් පියවර..

හදිසියේ රෝගාතුර වූ, ප්‍රදේශවාසීන් විසින් 'කාවන්තිස්ස' ලෙස හඳුන්වනු ලබන දැවැන්ත හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් විසින් පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන දැඩි සත්කාර ප්‍රතිකාර මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා.

පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාවේ පූර්ණ තාක්ෂණික හා ආරක්ෂක සහාය ද ලබා දී තිබෙනවා.

ඒ අනුව, හස්තියාට අවශ්‍ය අඛණ්ඩ ඖෂධ සැපයීම, කායික ස්ථාවරත්වය පවත්වා ගැනීම මෙන්ම හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි සියලු ක්‍රියාමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් මත කල්තියා සූදානම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව, හදිසි එසවීමක දී අවශ්‍ය වන බෙල්ට්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සූදානම් කර ඇති බව සඳහන්.

කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන්නේ මෙරට ප්‍රමුඛතම සත්ත්ව වෛද්‍ය විශේෂඥයින් එක්ව සකස් කරන ලද විද්‍යාත්මක ප්‍රතිකාර සැලැස්මක් බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ පශු වෛද්‍යවරුන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ක්‍රමෝපායික සැලසුම සම්පාදනය කර ඇති අතර, ක්ෂේත්‍රයේ ප්‍රතිකාර කටයුතු ඒ අනුව සක්‍රීයව සිදු කෙරෙමින් පවතින බවත්, පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා.

එමෙන්ම දේශීය විශේෂඥ මණ්ඩලයේ වෛද්‍ය නිර්දේශ සහ අවශ්‍යතාව මත පදනම්ව, කඩිනමින් විදේශීය පශු වෛද්‍ය විශේෂඥ සහාය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමත්‍යවරයා විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top