ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහැරෙයි.. ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප සහ විදෙස් ගමන් තහනමක්..
Friday, 16 October 2026 - 16:30 | Views - 35
''සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළා.
ඒ අනුව සැකකාරියට ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
ලක්ෂයක වු මුදල් ඇපයක් ද අධිකරණයෙන් නියම වුවා.
Share This Article