එංගලන්ත සෞඛ්‍ය සේවයෙන් නව මාර්ගෝපදේශ.. සංක්‍රාන්ති ලිංගිකයන්ට රෝහල්වලදී සැලකෙන ආකාරය මෙන්න..
Friday, 16 October 2026 - 16:00 | Views - 41
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල කාන්තා සහ පිරිමි වාට්ටු භාවිත කිරීමේදී ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතු බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS England) නව මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව, සංක්‍රාන්ති ලිංගික රෝගීන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයට අදාළ තනි ලිංගික වාට්ටුවල හෝ වාට්ටු කොටස්වල රැකවරණය ලැබිය යුතු බව අදාළ මාර්ගෝපදේශවල දැක්වෙනවා.

කෙසේ වෙතත්, එය වෛද්‍යමය වශයෙන් සුදුසු නොවන විශේෂ අවස්ථාවලදී විකල්ප විධිවිධාන යෙදිය යුතු අතර, ඒ හරහා සියලුම රෝගීන්ගේ ගෞරවය සහ ආරක්ෂාව අඛණ්ඩව තහවුරු කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම, රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති පහසුකම් භාවිත කිරීමේදී ද ජීව විද්‍යාත්මක ලිංගිකත්වය දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු බව නව මාර්ගෝපදේශවල දැක්වෙන අතර, ඒ සමඟම කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු නොවන පරිදි තනි පුද්ගලයෙකුට පමණක් භාවිත කළ හැකි වැසිකිළි වැනි විකල්ප පහසුකම් ප්‍රමාණවත් ලෙස සැපයීමට ද රෝහල් බලධාරීන් වගබලා ගත යුතුය.

මීට පෙර ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ යටතේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ස්වයං-ප්‍රකාශිත ලිංගික අනන්‍යතාවට ගැළපෙන වාට්ටු සහ පහසුකම් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

එහෙත්, 2025 අප්‍රේල් මාසයේදී එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවකින් පසු එම පැරණි මාර්ගෝපදේශ ඉවත් කර ඇති අතර, එහිදී සමානාත්මතා නීතිය යටතේ ‘ලිංගිකත්වය’ යන්න දැඩි ලෙස ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ලෙස අර්ථ දැක්විය යුතු බව අවධාරණය කෙරුණා.

කෙසේ වෙතත්, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට කිසිදු ආකාරයක අසාධාරණයක් හෝ වෙනස්කම් සිදු නොවන බව තහවුරු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පොදුවේ භාවිත කළ හැකි විකල්ප පහසුකම් ද ලබාදිය යුතු බව NHS England ආයතනය මෙහිදී විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා.

මූලාශ්‍රය - BBC
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top