සුනාමියෙන් අතුරුදන් වූ 5,644 දෙනෙකුට තවමත් මරණ සහතික නෑ.. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ හෙළිදරව්වක්..
Friday, 16 October 2026 - 14:16 | Views - 42
මෙරටට දැඩි ලෙස බලපෑ 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 5,644 දෙනෙකු පිළිබඳ තොරතුරු තවමත් නිශ්චිතව තහවුරු වී නොමැතිවීම නිසා, ඔවුන්ට මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

ආපදා සූදානම සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (15) සංවිධානය කර තිබූ විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ මෙම අදහස් පළ කළා.

2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින මෙරටට බලපෑ විනාශකාරී සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 30,959 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 5,644 දෙනෙකු මෙතෙක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටින බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පෙන්වා දුන්නා.

අදාළ පුද්ගලයන් මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හෝ තොරතුරු නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට අදාළ මරණ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී යම් යම් නීතිමය සහ වපරසංකීර්ණ බාධා පවතින බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top