වැඩිහිටි දීමනාව ඔක්තෝබර් මස 01 වනදා බැංකු ගිණුම් වෙත.. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්..
මෙරට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ සහ සතුටුදායක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව එළඹෙන ඔක්තෝබර් මස 01 වනදා අදාළ සියලුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැර කිරීමට සියලු කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය සඳහන් කරනවා.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා මෙම දීමනාව මුලින්ම හිමිවීමට නියමිතයි.
ඊට අමතරව, දෙවන අදියර යටතේ ලියාපදිංචි වී සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු වෙනුවෙන් ද මෙම වැඩිහිටි දීමනාව එදිනම ගිණුම්ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් තහවුරු සිටිනවා.
මෙමඟින් ලක්ෂ 7කට ආසන්න වැඩිහිටි ප්‍රතිලාභීන් පිරිසකට කිසිදු රෙගුලාසිමය බාධාවකින් තොරව තමන්ගේ බැංකු ගිණුම් හරහා අදාළ මුදල් ලබාගැනීමට පහසුකම් සැලසෙනවා.