කොළඹ රථවාහන තදබදයට විසඳුමක්.. මෙට්‍රෝ බස් සේවාව තවත් මාර්ග 5කට..
Tuesday, 29 September 2026 - 18:44 | Views - 25
කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලබාදෙමින්, මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘මෙට්‍රෝ බස් සේවාව’ (Metro Bus Service) තවත් නව බස් මාර්ග 5ක් දක්වා ව්‍යාප්ත කිරීමට රජය අද (29) කටයුතු කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රො ඩිපෝවේදී අද පූර්වාහ්නයේදී මෙම නව බස් සේවාවන් නිල වශයෙන් ආරම්භ කෙරුණා.

එම නව බස් මාර්ග වන්නේ,

1. මිලේනියම් සිටි ➜ කොළඹ කොටුව (22.3 km)

2. කහතුඩුව ➜ පිටකොටුව (35.7 km)

3. දෙමටගොඩ ➜ පානදුර (28.7 km)

4. බත්තරමුල්ල ➜ ඒකල (29.9 km)

5. කොල්ලුපිටිය වටරවුම් මාර්ගය (14 km)

‘Urban Luxury’ කාණ්ඩය යටතේ ධාවනය වන මෙම බස් රථ සඳහා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් අය කෙරෙන අතර, කාර්යබහුල වේලාවන්හිදී විනාඩි 15කට වරක් එක් මාර්ගයකට බස් රථ 25 බැගින් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹට තනි තනිව පෞද්ගලික වාහනවලින් පැමිණෙන පිරිස් මෙම උසස් ප්‍රවාහන සේවාව වෙත ආකර්ෂණය කරගැනීම මඟින් නගරයේ වාහන තදබදය අවම කරගැනීම මෙහි ප්‍රධාන පරමාර්ථයයි.

රුපියල් බිලියන 7.5ක වියදමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් බස් ප්‍රමුඛතා මන්තීරුව (Bus Priority Lane) නැවත සක්‍රීය කිරීමට පොලිසිය එකඟ වී ඇති අතර, ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ගෙන්වා යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරාන්තර සේවාවන්ට ද යෙදවීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top