වාහන ආනයනය සිදුවෙන්නේ මෙහෙමයි.. වාහනයක් ගන්න බලන් ඉන්න ඔයාටයි මේ දැනුම්දීම
Tuesday, 26 November 2024 - 14:28 | Views - 325
තමන්ටම කියලා වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්.

ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කලෙක ඉඳන් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

ඉතින්, නව රජයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී , වාහන ආනයනය ගැන අද (26) කතා බහක් ඇති වුණා.

එහිදී ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කම්කරු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

"කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර් රිසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අධියරයේදී.

අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ ස්ථායිකරණ වැඩසටහනට අනුගාමිව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකට දැන් හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා එකවර මේක අතහැරලා ස්ථාවරභාවය කඩා බිඳ දමන්න නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා." 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top