පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට වරෙන්තු
Tuesday, 26 November 2024 - 11:32 | Views - 374
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම වරෙන්තුව යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා ක්‍රියාත්මක කිරීමටයි එහිදී නියෝග කර ඇත්තේ.
ඒ ඔහු විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳ වූ අවස්ථාවේදියි.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා යන අය දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.
මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදු නොවී ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටි බවද සඳහන් වනවා.
Share This Article