පවතින අයහපත් කාලගුණය හමුවේ, උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්.. (BREAKING NEWS)
Tuesday, 26 November 2024 - 8:29 | Views - 329
පවතින අයහපත් කාලගුණය හමුවේ, උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින්ට තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමේ යම් අපහසුතාවයක් පවතින්නේනම් තමන්ට ළඟම පවතින විභාග මධ්‍යස්ථානය කරා යොමුවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එමෙන්ම, විකල්ප විභාග මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවයක් පවතිනේනම් ඒ සඳහාද කටයුතු සූදානම් කර ඇති බවයි හිරු ප්රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඒ අනුව, ඕනෑම විභාග මධ්‍යස්ථානයකට පිවිසීම මඟින් , සිසුන්ට විභාගයට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇති.
Share This Article