බිරිඳගේ අතෙහි ඇඟිලි 4ක් කැපූ සැමියා අත්අඩංගුවට
Tuesday, 26 November 2024 - 7:11 | Views - 255

සිය සැමියා විසින් දකුණු අතෙහි සුලැඟිල්ල පමණක් ඉතිරිවෙන සේ ඉතිරි ඇඟිලි හතර කපා දමා මුහුණ හා බෙල්ලද තියුණු ආයුධයකින් කැපීමෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් ඊයේ (25) මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හදිසි ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසනවා.

රෝහල්ගත කර ඇත්තේ, මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 32ක කාන්තාවක්.

පවුල් ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා කන්දකැටිය පොලිසිය විසින් සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ තරුණියගේ අතෙන් වෙන් වූ ඇඟිලි බෝතලයක දමාගෙන නිවැසියන් විසින් රැගෙනවිත් තිබූ අතර, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව තරුණියද සමඟ ඇගිලි බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත යැවීමට මීගහකිවුල රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්ද කැටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top