අදත් දුම්රිය ප්රමාදයක් ?
Friday, 22 November 2024 - 9:25 | Views - 183
දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් හටගෙන තිබෙනවා.
බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී අද(22) මෙලෙස කාර්මික දෝෂයකට ලක් වුණේ, ගාල්ලේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්.
මේ හේතුවෙන්, උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියන් ද ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article