හෙටින් පසු ඇරඹෙන පාසල් නිවාඩුව
Thursday, 21 November 2024 - 15:34 | Views - 603
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වනවා.
ඒ අනූව, රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා නිවාඬුව හෙට ලබාදීමට නියමිතයි.
එසේම, මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වන සිකුරාදා දිනයෙනු යි.
මේ අනූව, සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ ලබන ජනවාරි 02 වන බ්‍රහස්පතින්දා බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබෙන්නේ.
Share This Article