දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වෙයි.. (LIVE)
Thursday, 21 November 2024 - 9:57 | Views - 220

10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා සහභාගී වෙන මන්ත්‍රීවරු මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටින බවයි සඳහන් වන්නේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති බවද සඳහන් වනවා.
අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පළමුව කථානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිත වනවා. මෙවර එලෙස තේරී පත්වන්නේ, මෙරට 24 වෙනි කතානායක වරයා බවද සඳහන් වනවා.
කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇති.
පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වී තිබෙනවා.
මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර, පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article