නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම අද..
Thursday, 21 November 2024 - 8:34 | Views - 318

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර, නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදි පිරිනැමීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

පසුගිය සඳුදා නව රජයේ 21 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේයි.

මේ අතර, මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. සභාව ආරම්භයෙන් පසු මූලික කාර්ය වන්නේ නව කථානායකවරයෙකු පත්කරගැනීමයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.

කථානායක ධුරයට ඕනෑම මන්ත්‍රීවරයෙක් යෝජනා සම්මතයකින් පත් කළ හැකි අතර, ඊට දෙදෙනෙකුගේ හෝ වැඩි පිරිසකගේ නම් යෝජනා වී ඇත්නම් රහස් ඡන්දයක් මගින් කථානායකවරයා තෝරා ගැනීම සිදුවනවා.

නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කරගැනීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු‍ මන්ත්‍රීවරුන් තම දිවුරුම ලබා දීම ඉන් අනතුරුව සිදුකෙරෙන අතර සියලු‍දෙනා සම්ප්‍රදායක් ලෙස අත්සන් ලේඛණයේ සිය අත්සන යෙදීම ද සිදුවනවා.

අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පසුව පාර්ලිමේන්තුව යළි රැස් කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලබනවා.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ සමාරම්භය සඳහා පාර්ලිමේන්තුවේ සියලු‍ කටයුතු සූදානම් අතර ඒ සඳහා පෙරහුරුවක් ද ඊයේ පැවැත්වුණා.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පෙරවරු 10 සිට හිරු ටී.වී. ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top