උත්සව සමයට පාරිභෝගිකයින්ට විශේෂ අංකයක් ?
Wednesday, 20 November 2024 - 11:46 | Views - 302
උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් , ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුළ පරීක්ෂා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සම්බන්ධයෙන් ද මෙම කාල සීමාව තුළ විශේෂ අවධානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කර තිබෙනවා.
එසේම, උත්සවය සමය තුළ පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි එම අධිකාරිය දන්වා සිටින්නේ.
එසේම, ( 2025 ) ලබන ජනවාරි 15 වැනිදා දක්වා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වෙන බවද සඳහන් වනවා.
Share This Article