ලැයිස්තූ පුටුවලට පොරබදින විපක්ෂය ?
Wednesday, 20 November 2024 - 11:28 | Views - 244

සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ නම ගැසට් කර තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 05 ක් හිමි වුණා.

ඒ අනුව, තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සදහා ඉමිතියාස් බාකීර් මාකර්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පිරීස්, සුජීව සේනසිංහ සහ මනෝ ගනේෂන් යන අයගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකුත් නම් කර නැහැ.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති දෙවැනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද(20) අවසන් තීන්දුවක් ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි ඔහුගේ දේශපාලන කාර්යාලයේදී පක්ෂ නායකයින් රැස්වූ අතර, එහිදී හවුල්කාර පක්ෂවල කිසිදු අනුමැතියකින් තොර රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මෙවන් පසුබිමක බත්තරමුල්ල - රජමල්වත්ත පාරේ පිහිටි හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය ඊයේ පියවර ගෙන තිබුණා.

මේ අතර, එම පෙරමුණට හිමි අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු මන්ත්‍රීවරුන් වන ෆයිසර් මුස්තාෆා, නිමල් ලන්සා සහ ඒ.එල්.එම්. අතාවුල්ලාගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top