උත්සව සමයේ එළවලු මිලට වෙන්න යන දේ..?
Tuesday, 19 November 2024 - 11:45 | Views - 248

දෙසැම්බර් මාසය ලංවීමත් සමඟම එළවළු මිළ අහස උසට නැග ඇති බවට තොරතුරු වාර්තා වෙනවා...

යල කන්නයේ අස්වනු තොග අවසන් වීමත් සමග වෙළෙඳපොළට ලැබෙන එළවළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇතැයිද වෙළදුන් පවසනවා.

මෙම තත්ත්වය මත මේ දිනවල එළවළු මිල ගණන් නැවත වරක් ඉහළ යමින් පවතින අතර,ඉදිරි උත්සව සමයේදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා.

එළවළු තොග මිල ගණන් ඉහළ යාමත් සමග එළවළු සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන්ද එළවළු කිලෝවක සිල්ලර මිල තොග මිල මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයකින් ඉහළ දමා තිබෙන අතර,

එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල ගණන් මෙසේ සඳහන්ව තිබුණා... නෝකෝල් රු.350-400,මාළු මිරිස් රු.550-600,අමු මිරිස් රු.350-400,වැටකොළු රු.240,තිබ්බටු රු.450,මුරුංගා රු.400. එසේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක මිල රුපියල් 900 ක් දක්වා ඉහළ ගොස් තිබුණා...

බෝංචි සහ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 500 ත් 600 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කළා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top