24න් 22ක් තේරී පත්වෙයි.. මැති සබයේ මේ විශේෂත්වය ගැන ඔබ දැන සිටියාද..?
Monday, 18 November 2024 - 11:35 | Views - 200
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ගොඩක් විශේෂ වූවක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් කතාවක් ගැනයි.. 

හිතාගන්නවත් බැරි විදිහට අලුත් මූණුවලින් පිරිලා ගියපු මෙදා පාර්ලිමේන්තුවේ තවත් සභිකයින් පිරිසක් ගැනයි මේ කතාව..

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් 22ක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා..

විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේ, මෙසේ තේරී පත් වූ පිරිස අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ඝණකාධිකාරියවරුන් ඇතුළු වෘත්තිකයන් රැසක් ඇතුළත්ව සිටින බවයි..

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පාර්ලිමේන්තුවට එකවර වැඩිම විද්‍යාර්ථීන් පිරිසක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ..

පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම විද්‍යාර්ථීන්ට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනටමත් සුභ පැතුම් පිරිනමා ඇති අතර, මීට අමතරව සමගි ජන බලවේගය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ වලින්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top