24න් 22ක් තේරී පත්වෙයි.. මැති සබයේ මේ විශේෂත්වය ගැන ඔබ දැන සිටියාද..?
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ගොඩක් විශේෂ වූවක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් කතාවක් ගැනයි..
හිතාගන්නවත් බැරි විදිහට අලුත් මූණුවලින් පිරිලා ගියපු මෙදා පාර්ලිමේන්තුවේ තවත් සභිකයින් පිරිසක් ගැනයි මේ කතාව..
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් 22ක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා..
විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේ, මෙසේ තේරී පත් වූ පිරිස අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ඝණකාධිකාරියවරුන් ඇතුළු වෘත්තිකයන් රැසක් ඇතුළත්ව සිටින බවයි..
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පාර්ලිමේන්තුවට එකවර වැඩිම විද්‍යාර්ථීන් පිරිසක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ..
පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම විද්‍යාර්ථීන්ට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනටමත් සුභ පැතුම් පිරිනමා ඇති අතර, මීට අමතරව සමගි ජන බලවේගය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ වලින්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා..