ජනතා විශ්වාසය සමඟ නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි..
Monday, 18 November 2024 - 10:30 | Views - 208
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම ආරම්භ කෙරුණා..

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේයි.

බොහෝදුරට කැබිනට් අමාත්‍යවරු 23 දෙනෙකුට සීමා වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ඊට අමතරව නි÷යෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් ද පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

නව රජයේ ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තබා ගැණෙනු ඇති අතර අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය යළිත් දිවුරුම් දෙනු ඇති. ඊට අමතරව ඇය අධ්‍යාපන අමාත්‍යාවරිය ලෙස යලිත් දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කටයුතු අමාත්‍ය ධූරයට කේ.ඩී. ලාල්කාන්තා පත් කිරීමට නියමිත අතර විදේශ අමාත්‍යවරයා ලෙස විජිත හේරත් පත් කරනු ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

සෞඛ්‍ය සහ ජනාමාධ්‍ය අමාත්‍යවරයා ලෙස නලින්ද ජයතින්ස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.

ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති පත් කරනු ඇති බවද වාර්තා වනවා. ඊට අමතරව සමන්ත විද්‍යාරතන, වසන්ත සමරසිංහ, සුනිල් හදුන්නෙත්තිට ද අමාත්‍ය ධූර හිමිවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top