ඉතිහාසගත ජයග්‍රහණයකට පසු ටිල්වින් සිල්වා කියූ කතාව මෙන්න...
අද මැතිවරණය ගැන බොහෝ දෙනෙක් කතා වුණා.. ඔවුන්ට මේ මැතිවරණය කොහොම නම් දැනෙනවා ඇතිද..? මේ ඒ ගැන ඔහු කියූ කතාවයි..
සමානුපාතික මැතිවරණයක් යටතේ ඉතිහාසගත වන ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔහු මේ බව පැවසුවේ අද (15) පැවැති ජාතික ජනබලවේගයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදිය...
එහිදී ඔහු කියා සිටියේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වු අය වෙනුවෙන් ස්තුතිය පල කරන බවයි..
බොරු ප්‍රචාරණවල නොරැවටි , ජනතාව ජාතිවාදය පසෙක දමා තම පක්ෂයට ඡන්දය ලබාදීම පිළිබඳව විශේෂයෙන්ම තමන් ස්තුතිය පළ කරන බව ඔහු මෙහිදී කියා සිටියා..
එසේම ජනතාව තම පක්ෂය පිළිබඳ තැබූ විශ්වාසය රැකගෙන ඉදිරියට කටයුතු කළ බව ඔහු මෙහිදී කියා සිටියා..
ජනතාව බලය, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සේම ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කරන බව ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියා..