එලෝන් මස්ක් ගැන ඇසෙන අලුත්ම තොරතුර
Wednesday, 13 November 2024 - 14:18 | Views - 476

ලෝකේ පෙරලිකාර ධනවතෙක් වුණු එලෝන් මස්ක්ගේ තවත් අලුත් තොරතුරක් ගැනයි මේ කියන්නේ..
අමෙරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජයේ ඉහළ තනතුරු දෙකක් සඳහා සුප්‍රකට ව්‍යාපාරික එලෝන් මස්ක් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ජනපති ධූරය සඳහා තරඟ වැදුණු ඉන්දීය අමෙරිකානු සම්භවයක් ඇති ව්‍යවසායකයෙකු වන විවේක් රාමස්වාමි පත්කර තිබෙනවා..
ඔවුන් නව රජයේ කාර්යක්ෂම දෙපාර්තමේන්තුවට උපදෙස් සහ මාර්ගෝපදේශ ලබාදෙමින් නව රජයේ අනවශ්‍ය වියදම් සහ ෆෙඩරල් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතයි..
රජයේ කාර්යක්ෂම දෙපාර්තමේන්තුව යනු ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ එක්සත් ජනපද රජයේ නව අංශයක් වනවා..
තේරිපත්වූ නව ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ නව දෙපාර්තමේන්තුව රජයෙන් පිටත ආයතනයක් ලෙස කටයුතු කරමින් අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම සිදුකරනු ලබන බවයි...
එය මෙහෙයවීම සුප්‍රකට බිලියනපති ව්‍යාපාරික එලෝන් මස්ක් සහ ව්‍යවසායකයෙකු වන විවේක් රාමස්වාමි විසින් සිදුකරන බවත් ඔහු පවසනවා...
මෙම අංශය ස්ථාපිත කිරීම සඳහා පළමුව යෝජනා කර ඇත්තේ බිලියනපති ව්‍යාපාරික එලෝන් මස්ක් වන අතර, එමගින් නව රජයේ නිලධාරීන් කප්පාදු කරමින්, අතිරික්ත රෙගුලාසි කප්පාදු කිරීම සහ අනවශ්‍ය වියදම් කපා හැරීම සහ ෆෙඩරල් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරනු ලබනවා..
මෙම දෙපාර්තමේන්තුව ''DOGE'' යන කෙටිනමින් හඳුන්වනු ලබනවා..
නව පත්වීම සම්බන්ධයෙන් මස්ක් X සටහනක් තබමින් පවසන්නේ නව දෙපාර්තමේන්තුවේ සියලු තීරණ උපරිම විනිවිදභාවයෙන් ගන්නා අතර, ඒ සියලු තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා දැනුම් දෙන බවයි..
මේ අතර අමෙරිකාවේ FOX නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කරන පීට් හෙග්සෙත් එරට ආරක්ෂක ලේකම්ධුරය සඳහා තමන් යෝජනා කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා..
නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසන්නේ පීට් ඉතා දැඩි පුද්ගලයෙකු මෙන්ම බුද්ධිමත් සහ අමෙරිකාව වෙනුවෙන් සෑබැ ලෙස කටයුතු කරන පුද්ගලයෙකු බවයි..
Share This Article