ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද
Wednesday, 13 November 2024 - 9:02 | Views - 175
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද (13) උදෑසන ආරම්භ කෙරෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, උදෑසන 09 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු සිදු කරන බවයි.
ඡන්දය සහ මනාප ප්‍රකාශ කිරීම සඳහා කතිරය පමණක් භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ඊයේ (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී කියා සිටියා.
Share This Article