පරිස්සමෙන් ! මේ දිනවල පැතිරෙන භයානක රෝගය ගැන දැනගන්න
Monday, 11 November 2024 - 14:29 | Views - 582

දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතී නම්, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් ක‍රන්නේ.

"පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයි ළමයි අතර උණ රෝගය වැඩි වුණා. වෛරස් උණ රෝග තමයි වැඩි වෙලා තියෙන්නේ. කැස්ස, සෙම්ප්‍රතිශාව සමග තිබෙන උණක්. ඊට අමතරව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමකුත් අපි දැක්කා. විශේෂයෙන්ම ඩෙංගු ගැන කල්පනාකාරි වෙන්න. මොකද ඩෙංගු මාරාන්තිකයි තාමත් 0.1%ක් හරි මරණයට පත්වෙන්න පුළුවන්. එ නිසා නිවස අතර පාසල් අතර පිරිසිදුව තබා ගන්න.

වෛරස් උණ රෝගය අපි දකිනවා දරුවෝ අතර. මෙතනදී ඉන්ෆ්ලුවෙන්සා වෙන්නත් පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ තියෙන වෙන වෛරස් උණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කැස්ස, සෙම, සෙම්ප්‍රතිශාව උණ තියෙනවා නම් ඇඟ රිදෙනවා නම් වමනේ යනවා නම් මේක වෛරස් උණ රෝගයක්. දවස් තුනකට වඩා උණ තියෙනවා නම් අදාළ රුධිර පරීක්ෂණ කර ගන්න."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top