වෙනස දැනගන්න , මෙන්න රන් මිල
Monday, 11 November 2024 - 13:42 | Views - 270
අද (11) දිනයේ දී වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 783,595 ක් ලෙසයි. එය පසුගිය සිකුරාදා (08) දිනයට සාපේක්ෂව රුපියල් 8,203 ක අඩුවීමක් ලෙස ද සඳහන් වනවා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,650 ක් ලෙස සඳහන්ව ඇති අතර, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,350 ක් සහ රුපියල් 24,200 ක් ලෙස ද සඳහන් වුණා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 221,150 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 202,800 ක් ලෙස ද , කැරට් 21 පවුමක මිල රුපියල් 193,550 ක් ලෙස ද සඳහන්ව තිබුණා.
Share This Article