“හිරු සංසාර වන්දනා” පුණ්‍යෝත්සවයේ වන්දනීය කඨින චීවරය සාදු නාද මැද හිරු ලයිෆ් ස්ටූඩියෝ පරීශ්‍රයට වැඩම කරයි - අද පස්වරුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට..(Video)
Thursday, 07 November 2024 - 7:34 | Views - 255

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමුවරට මාධ්‍ය නාලිකාවක් විසින් සිදුකරන අසමසම මහා පුණ්‍යෝත්සවය "හිරු සංසාර වන්දනා" කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ වන්දනීය කඨින චීවරය, සුවහසක් බැතිබර සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමේ අවස්ථාව ලබාදෙමින් මේවන විට කොළඹ ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයට වැඩම කර තැන්පත් කර තිබෙනවා.
එලෙස ලක් ඉතිහාසයේ පළමු වතාවට සිදුකරන දීර්ඝතම වීදි සංචාරය අද (06) අලුයම ආරම්භ කෙරුණේ කතරගම කිරිවෙහෙර පුදබිමෙන්.
කඨින චීවරය රැගත් රිය පෙරහර හිරු ලයිෆ් ස්ටූඩියෝ සංකීර්ණය වෙත ගමන් කෙරෙන අතරතුර අති විශාල ජනතාවක් ඒ වන්දනීය කඨින චීවරය වන්දනාමාන කිරීම සඳහා මග දෙපස රැස්ව සිටියා.
සිරිලක බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා චිරාගත සම්ප්‍රදායානුකූලව සීයලු වත්පිළිවෙත් පුරා හිරු පුරණ සම්මා පාරමිතාව "හිරු සංසාර වන්දනා" කඨින මහා පිංකම අද (06) අලුයම ආරම්භ කෙරුණේ කතරගම කිරිවෙහෙර කේන්ද්‍ර කර ගනිමින්.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මාධ්‍ය නාලිකාවක් විසින් පළමුවතාවට සිදුකරන මෙම අසමසම පුණ්‍යෝත්සවය සිදු කෙරෙන්නේ මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට නිරතුරුවම සිය සැදැහැති දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ බැතිබර සංකල්පයකට අනුවයි.
ඒ අනුව චිරාගත සම්ප්‍රදානුකූලව සියලු වත් පිළිවෙත් පුරා බැතියෙන් සකස් කළ වන්දනීය කඨින චීවරය බොදු බැතිමතුන්ට වැඳපුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් කතරගම කිරිවෙහෙර පුද බිමේ සිට පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ සංකීර්ණය වෙත වැඩම කරවීම අද (06) උදෑසන 6.00ට ආරම්භ කෙරුණා.
කඨින චීවරය පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ සංකීර්ණය තෙක් වැඩම කෙරෙන අතරතුර මග දෙපසට එක් රැස්වූ සැදැහැවත් ජනතාව හිරු සංසාර වන්දනා වන්දනීය කඨින චීවරය වැඳපුදා ගැනීමට එක්වුණා.
අද උදෑසන සිට මග දෙපස ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහර අද පස්වරුවේ හිරු ලයිෆ් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණය වෙත පැමිණියා.
එමෙන්ම හෙට උදෑසන 7.00 සිට දහවල් 12 දක්වා වන්දනීය කඨින චීවරය වැදපුදා ගැනීමට පැලවත්ත හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණ පරිශ්‍රෙය්දී ඔබටත් අවස්ථාව හිමිවනවා.
වන්දනීය කඨින චීවරය හෙට පස්වරු 3.00ට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ හිරු ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කරවනු ලබනවා.
නොවැම්බර් මස 9 වැනිදා උදෑසන 6.00ට යලිත් වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහර කතරගම දක්වා යළි ගමන් කිරීමට නියමිතයි.
මේ අතර, රුපියල් ලක්ෂ 150කට අධික පිරිවැයක් දරා කිරිවෙහෙර පුදබිමේ විදුලි ආලෝක අවශ්‍යතාවය සපුරාලන සූර්යපැනල පද්ධතිය සසුනට පූජා කිරීමේ පුණ්‍යකර්මයද නොවැම්බර් මස 09 වැනිදා පස්වරු 6.30ට සිදුකෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඓතිහාසික කතරගම පුදබිම ශඩ්වර්ණාලෝකයෙන් ඒකාලෝක කෙරෙන අතිවිශේෂ ආලෝක පූජාවද ඉන් අනතුරුව සිදු කෙරෙනවා.
එදින රාත්‍රී 7.00 සිට කතරගම ප්‍රධාන බස් නැවතුම් පොළේ සකසා ඇති විශේෂ වන්දනීය මණ්ඩපයේ වන්දනීය කඨින චීවරය තැන්පත් කෙරෙන අතර බැතිබර සැදැහැවතුන්ට එහිදී කඨින චීවරය වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවනවා.
කඨින මහා පිංකමට සමගාමීව කතරගම බුද බිමේ 25,000කට අධික පිරිසක් වෙනුවෙන් සංවිධානය කෙරෙන සුවිසල් රාත්‍රී සහ උදෑසන මහා දන්සල විවෘත කිරීමට නියමිතයි.
එදින රාත්‍රියේ පැවැත්වෙන පිරිත් සඤ්ඤායනයෙන් අනතුරුව නොවැම්බර් 10 වැනිදා අලුයම 4.00ට කඨින චීවරය වැඩමකරුවනු ලබන්නේ අලි ඇතුන් සහ සංස්කෘතික ආංගවලින් සමන්විත විචිත්‍රවත් පෙරහරකින්.
අනතුරුව එදින උදෑසන 6.00ට කඨින චීවරය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පූජා කිරීම සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
හිරු සංසාර වන්දනා කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරස්ථාන වාර්ෂික කඨින මහා පුණ්‍යකර්මයේ දහවල් දානය මහා සංගරත්නයේ 600 නමක් උදෙසා සිදු කෙරෙන්නේ දහවල් 11.00ටයි.
කඨිනාසංස ධර්ම දේශනාව එදින පස්වරු 5.00ට ආරම්භ කරනවා.
මේ සියලු පිංකම් සඳහා සමබ්නධවීමට බැති සිතින් අප ඔබට ආරාධනා කරනවා.
Share This Article