දැනට ට්‍රම්ප් ඉදිරියෙන් ?
Wednesday, 06 November 2024 - 9:28 | Views - 196

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් අතරේ කරටකර සටනක් පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.

ජනපද මට්ටමින් ප්‍රතිඵල නිකුත් වෙද්දී , ඇතැම් ජනපද ට්‍රම්ප් විසින් ද ඇතැම් ජනපද කමලා හැරිස් විසින් ද දිනා ගනු ලැබ තිබෙනවා.

එයින් ද , මේ මොහොත වෙද්දී ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බව ට ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් ඇතුළු ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ‘ඉලෙක්ෂන් වොච්’ නමින් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කොළඹ මැරියට් කෝට්යාඩ් හෝටලයේ දී පැවැත්වෙනු ඇති.

මෙරට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ මොහොතේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ඒ සජීවී අවස්ථාව සමඟ සම්බන්ධව සිටින බවටද වාර්තා වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top