කෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයට, කෝටිපතියෙකුගේ බිරිඳ ඇතුළු පිරිසක් මාට්ටු..
Wednesday, 06 November 2024 - 9:13 | Views - 393

කෑගල්ල - කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් කණ්ඩායම් 4ක් සිදුකළ විමර්ශන වලට අනුව, පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර කාන්තාව පිළියන්දල - තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක්.

පසුගිය 27 වැනිදා සිදුවූ මෙම ඝාතන සිද්ධිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ විසින් මෙහෙයවා ඇති අතර, ඇය විසින් අපරාධ කල්ලි සාමාජිකයන් තුන්දෙනෙකු ලවා එය සිදුකර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ සාමාජිකයින් බෝකුන්දර ප්‍රදේශයට කැඳවා කුලියට ලබාගත් මෝටර් රථයක මොවුන්ව නංවාගෙන කෑගල්ල ප්‍රදේශයට ගොස් කෙම්පිටිය වලව්ව පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව, මොවුන් රන්වල ප්‍රදේශයට පැමිණ නැවතත් ත්‍රීරෝද රථයකින් කෙම්පිටිය වලව්වට ගොස් එහි හාම්පුතුගේ අතපය බැද දමා මුඛය බැද ගෙල සිර කර ඝාතනය කර බිරිඳට පහර දී මුදල් ඇත්දැයි සෝදිසි කර තිබෙනවා.

එහිදී විශාල මුදලක් ඇති බව සිතා වලව්වට කොල්ලකෑමට ගියද එහි තිබී රුපියල් දස දහසක මුදලක් පමණක් හමුව ඇති අතර, හාම්පුතුගේ අතෙහි තිබූ මුදුව ද රැගෙන, වලව්වේ තිබූ මෝටර් රථයෙන් සැකකරුවන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකාර කාන්තාව විසින් කොල්ලකෑ මුදුව විකුණා 1,65,000ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ සැකකරුවන් ඊයේ(05) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top