ඔන්න ඒ බද්දත් , තවත් කාලෙකට දීර්ඝ වෙලා
Tuesday, 05 November 2024 - 12:50 | Views - 212
ආනයන සුදු සීනි සඳහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, පසුගිය වසරේ නොවැම්බර් 1දා සිට වසරක කාලයක් සඳහා සුදු සීනි කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණා.
එම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය නොවැම්බර් 1දා සිට දෙසැම්බර් 31 දා දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් අතර, මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබෙනවා.
Share This Article