ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්..
Tuesday, 05 November 2024 - 11:27 | Views - 167

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (05) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව, පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ලබන්නේ ජාඇළ, කටුනායක - සීදූව නගර සභා බලප්‍රදේශ වලට සහ කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම, ජා-ඇළ හා ගම්පහ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කොටසකට ද මෙම කාලයේ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර, ප්‍රධාන නල මාර්ගයට ගලක් පෙරලීම හේතුවෙන්, කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළා.

එසේම, මේ වන විට අදාළ ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top